මේ ඇගේ කෙස් රොදයි !!!
බිරිඳ මියගොස් දින හතකි. දරුවෝ සහ ඔවුන්ගේ මිතුරෝ නිවස
අස් පරස් කරති. හැන්දෑවේ පන්සලේ නායක හාමුදුරුවෝ බතට වැඩීමට නියමිතය. තාමත් මගේ
සිත පාළුවෙන් වෙලී තිබේ.
.....මා යන්නේ සැහැල්ලු සිතින්, ඔබ දන්නවා නේ මා සියල්ල අත්හැරීමට වෑයම් කළ කෙනෙක්. ඔබේ මුහුණ දුකෙන් පිරී ඇති සැටි මට පෙනෙනවා. දුක්වෙන්න එපා. මා යනවා. ඔබත් දවසක අර දරු මුණුපුරන්ද ගෙදර ද අතහැර යාවි. සැනසිල්ලේ ඒ ගමන යන්නට හැකිවෙන අයුරින් සිත හදාගන්න. සියල්ල අනියත බව, අනිත්‍ය බව අවබෝධ කරගන්න......
ඇය මගේ අත මුදාහරිමින් කීවාය. දෑස පියාගත්තාය. මම ඇගේ අවවාද වලට කන් දුන්නත්, මොහොතකට පසු ඒ සිතින් තොර සිරුර ලඟ වැටී හඬන්නට වූයෙමි.
දැන් ඒ සිදුවීමට සතියක් ගෙවිලා. මම ඇගේ කුටියට ගියෙමි. ඇගේ මේසය මත ඇස් කණ්නාඩිය, පනාව, මම පනාව අතට ගතිමි. ඇගේ කෙස් ගස් කිහිපයක් තාමත් එහි රැදී තිබේ. මගේ දයාබර බිරිඳගේ කෙස් ගස්, පනාව ගෙන මම ඇඳේ හාන්සි වී දෑස පියා ගතිමි. මම තිසි පසි වසරකට එහා ඈත අතීතයට යමි. අපේ විවාහයට මාසයකට පමණ පෙර දවසක් ඇය ගඟ අද්දර ළිඳට ගොස් වතුර කලයක් ගෙන නිවසට එයි. මම ඇය පසුපසින් යමි. හිස ලඟට දිගට ගොතා තිබුණු කොණ්ඩය පැද්දෙයි. වරක් දකුණු නිතඹ හා ගැටෙයි වරක් වම් නිතඹ හා ගැටෙයි. මම ඒ පැද්දෙන ලතාව නරඹමින් පසුපසින් ගියෙමි. තවත් දිනක මා ඇගේ නිවෙසට යන විට ඇ ගඟට ගොස් නාගෙන ඇවිත් සිටියාය. කොණ්ඩයෙන් මුළු පිටම වැසී උනා දා දිගට වැටී තිබින. කැරලි සහිත දෑස පිනවන ඒ පැහැයට මගේ සිත ඇදින.
ඒ කෙස් කළඹෙන් මගේ මුහුණ වසා ගැනීමට තරම් මම ඇගේ කෙස් වැටියට ආසා කළෙමි. ඊටම ආවේණික වූ සුවඳක් ද එහි ඇතැයි මට සිතිනි.ඇතැම් රැයක ඇයට ද හොරා මම ඒ මුදු සුමුදු කෙස් සිප ගතිමි.
කලක් ගතවිය...........
කාර්යාලයේ වැඩ ඇරී හැන්දෑවේ ගෙදරට ගොඩවන විට ඇය සිටියේ ස්තෝප්පුවේ පඩියක හිඳගෙනය. ඇගේ හිස මුදුනට පනාව තබා නංගී ඇය පසුපස හිඳගෙන සිටියාය.
“ඔළුවට උකුණො බෝ වෙලා”..... ඇය කීවාය.
“ඔව්, අයියේ මේ බලන්නකෝ, ලේඬි විමානේ, උකුණො බිත්තර දාල, අක්කට මෙච්චර දෙයක් වෙනකල් දැනිල නැහැ.” නංගී ද කීවාය.
“මම දැක්ක පහුගිය දවස් වල ඔයා ඔළුව කසනවා” මම කීවෙමි.
“ඒක තමයි මේ බලන්නකෝ නංගි තඩි උකුණො දෙන්නෙක් ඔළුවෙන් ගත්තා...” ඇය කීවේ දුකෙනි.
“උකුණො නැති කරන්න බේත් තියනවානේ” මම කීවෙමි.
ඇය පිළිතුරක් දුන්නේ නැත.
ඉන්පසු ඇගේ හිසෙන් දුඟදක් ද මට දැනුනි. උකුණන් මලපහ කරන්නෙ ඔය කෙස්ගස් අතර. ඇගේ කොණ්ඩය උකුණන්ගේ වැසිකිලිය. මට ආ සිතිවිලි මම වචනවලට නොනැගුවෙමි.
උකුණන් නැති කරන සබන් වර්ගයක් ද බෙහෙත් දියරයක් ද නාන කාමරයේ තිබෙනු මට පෙනින.
තවත් කලක් ගතවිය.
“බලන්නකෝ..... කොණඩ පීරන වාරයක් වාරයක් ගානේ කෙස් ගස් ගැලවි ගැලවි යනවා.....”
ඇගේ මුහුණ ශෝකයෙන් පිරී තිබින.
“මොනවා කරන්නද ? කෙස් ගැලවී යන්න එපා කීවාට වැඩක් නැහැනේ....” මම කීවෙමි.
“ මම දැක්කා ගේ අතුගාන කොස්සෙත් කෙස් ගුළියක් ඇලිලා තිබුණා.....” මම පසු දිනක කීවෙමි.
“ ඔන්න බලන්නකෝ හිස් හොරිත් හැදිලා. සමහර තැන්වල පනාව තියන්නත් බැහැ. මගේ කොණ්ඩෙට මොකද වුනේ...”
“ ඕවට බේත් තියනවානේ...”
“ බේත් දැම්මා... ඒවට වෙනම සබන් වර්ගත් තියනවා, ඒවත් පාවිච්චි කලා, වැඩක් නැහැ...” මට ද දුකක් ඇති විය. දිගට දිගේ පිට හරහා වැටුනු ලස්සන කෙස් වැටිය , දැන් හීන් වෙලා, යන්තම් බෙල්ලෙන් ටිකක් පහලට විතරයි.
මම සුසුමක් හෙළීමි.
“ ඊලඟට මෙන්න නරකම ලෙඩක් හැදිල...”
“ උඳුගොව්වෝ.... ඔයාට පේනවද සමහර තැන්වල කෙස් ඇත්තෙම නැහැ. උඳුගොව්වෝ කනවා කියලයි කියන්නේ....”
“..........උඳුගොව්වෝ....”
ඇය සිනාසුනාය.
ඇය කෙස් ටිකක් එහාට මෙහාට කොට පෙන්නුවාය.ඒ තැන්වල කෙස් නැත. තට්ටය පෑදී තිබින. සුදු කෙස් ද පෙනින.
දිනක් මම කෑ ගැසුවෙමි.....
“ මේ බලනවා, මගේ බත් පිඟානේ කෙස්. මේ ඔයාගේ සුදු කෙස්. මං මේ පිඟාන විසි කරනවා...”
මගේ සිත කෝපයෙන් පිරී තිබින.ඇය ඒ කෙස් ගස් කීපය ඉවත් කළාය.
“ මට දැන් ඕක කන්න බැහැ කැතයි..” මම කීවෙමි.
කලකට පෙර ආදරයෙන් සිපගත් ඒ මුදු සුමුදු කෙස්, ඒවායෙන් දෙකක් මගේ බත් පිඟානට වැටිලා.මට පිළිකුලයි.මට ඇය ගැන දුකක් ඇති විය.
“ ඔහොම පොඩ්ඩක් ඉන්න, ඔය බත් පිඟාන විසි කරන්න එපා....”
ඇය ආපසු බත් පිඟාන ගෙන මා ළඟට ආවාය.මම බත් පිඟාන අතට ගතිමි.කෙස් අමතක කොට බත් කෑවෙමි.
දිනක් මා අපේ වත්තේ එහා කෙළවරට ගියෙමි.එතැන කුණු ගොඩගසා තිබින. එහි කෙස්ගස් ද දක්නට ලැබින. දිග සුදු කෙස් ගස් .පඬු පැහැයට හැරෙමින් ඇත. තව ටික දවසකින් කෙස් පස් වනු ඇත.
මම ඇයට එය කීවෙමි.
“ කෙස් පස් වෙනවා...”
ඇය කළේ මගේ අතින් ඇදගෙන සාලයට ගොස් හිඳ ගැනීමයි.
“ මගේ පමණක් නොවෙයි. ඔබේ කෙස් ද පස්වෙනවා.....කෙස් ආවේ පස් වලින් ...කෙස් ආපසු පස් වලටම යනවා....”
මම ඇගේ මුව දෙස බලා සිටියෙමි.
භාවනා මධ්‍යස්ථානයක සති කීපයක් නතර වී භාවනා කළ ඇයට ඒ පිළිබඳව මා සමඟ යමක් කීමට අවස්ථාවක් ලැබිණ.
“ ඔයා දන්නවනේ ....මේ ලෝකයේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන් ..අපේ ශරීරයත් එහෙමයි... මහ පොළොව, ගස්වැල්, පර්වත, මුහුද, මේ ඇඳ පුටු මේස සියල්ලම හැදුනේ ඒ ධාතු හතරෙන්.ඔබ දුටුවා කෙස් ගසට සිදු වූ දේ.
කෙස් ගස මගේ හිසට අලංකාරයක් දෙමින්, හිතට ආඩම්බරයක් දෙමින් හිටියා. එය මුලදී සතුට ඇති කළා.
පසුව උකුණන් පිරුණු.උකුණන් බිත්තර දමන තැනක්,උන්ගේ වැසිකිලියක්... හිස්සොරි ඇති වී ඕජස් ගලන, උඳුගොව්වො කන ගඳ ගහන තැනක් බවට පත්වුනා. කෙස් සුදු වී වැටෙන්න පටන් ගත්තා.ඒ කෙස් ගස් මොහොතක් මොහොතක් පාසා අනිත්‍යයට යන බව අපට පෙනුනා. කෙස් ගසේ වැඩිපුර තිබුනේ පඨවි ධාතුව. එය තැනුයේ අප ගන්නා ආහාර වල ඇති පඨවි ධාතුවෙන්.ආහාර ලැබුනේ බාහිර ජලයෙන් , ශාඛ වලින්, සතුන්ගෙන්, ඒ කෙස් ගස පොළොවට වැටුණු පසු දිරාපත් වී පස් බවට පත්වෙනවා. නැත්නම් පිළිස්සී අළු බවට පත්වී වහා පොළොවේ පසට... පඨවි ධාතුවට එකතු වෙනවා..එපමණයි.
මේ දිරාපත් වීම අනිත්‍යයට යාම වැළැක්වීමට අපට බැහැ.කෙස් ගස සුදු වෙන්න එපා. ගැලවෙන්න එපා. කීවාට සිතුනාට පලක් නැහැ. ඒවා සුදුවෙනවා, ගැලවෙනවා, දිරාපත් වෙනවා. කෙස් ගස මගේය කියන්න , මමය කියන්න, මේ මගේ ආත්මය කියන්න ඉඩක් නැහැ.මගේ නම් මට ඕනෑ විදිහට කෙස් ගස පවතින්න ඕන.එහෙම පවතින්නෙ නැහැ.ඒ නිසා මේ අනිත්‍ය වූ කෙස් ගස අනාත්ම ද වෙනවා. කෙස් ගස අනිත්‍යයි , දුක්ඛයි, අනාත්මයි.
ඇය මට කෙස් ගස අනිත්‍ය වශයෙන් , දුක්ඛ වශයෙන් , අනාත්ම වශයෙන් හඳුන්වා දුන්නාය.
ඇගේ හඬ මට යළි යළි ඇසෙනු මෙනි.මම මද වේලාවකට පසු ඇස් හැර බැලුවෙමි. මගේ අතෙහි පනාව, එහි සුදු කෙස් ගස් කීපයක් , ඇගේ කෙස් .ඇය එදා මගේ කෙස් යැයි නොකීවාය.
කෙස් මගේ නොවෙයි ........මම නොවෙයි .......මගේ ආත්මය නොවෙයි........
මම පනාව මේසය මත තබා පුටුවක හිඳගතිමි.දෑස පියා ගතිමි.
ඇගේ වචන මෙනෙහි කළෙමි.
කෙස් ගස සොඳුරු කෙස් කළඹක රැදී සිට සුදු කෙස් ගසක් වන තුරා , බිමට වැටී පොළොවට පස්වන තුරා පඨවි ධාතුවට එකතු වන තුරා. වූ අවස්ථා සියල්ල මාගේ සිතෙහි වැවෙන්නට විය.
කෙස් ගස පසට එක් වී අතුරුදහන් වී ගිය පසු කිසිවක් නැති හිස් බවකට , ශුන්‍ය බවකට සිත පත්විය. මම දිගටම ඒ ශුන්‍ය භාවය තුළ රැඳී සිටියෙමි. සිතිවිලි වලින් තොර ඒ මිනිත්තු කිහිපය මා ශාන්ත නිවී ගිය ස්වාභාවයක රැඳවීය.
...........උපුටා ගැනීමකි.........