ඇසළ පසළොස්වක පොහොය
- සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
- සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම.
- රාහුල කුමරුගේ උපත.
- බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
- ගණ්ඩබ්බ රුක්මුල්හිදී තිර්ථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.
- මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
- ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
- ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.
- අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.
- ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
- බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
- මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්රාතිහාර්ය මැද සිදුවීම.
- කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
- ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.