උදෑසන බුද්ධ වන්දනාව
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ///
ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
. ආරාධනාව
යාවතා භගවා ලොකෙ - තිට්ඨෙය්ය තව සාසනං
තාවතා පතිගණ්හාතු - පූජා ලොකානුකම්පයා
භාග්‍යවතුන් වහන්ස! යම්තාක් ඔබ ශාසනය ලොවැ පවතී නම් , ඒතාක් ලෝකානුකම්පාවෙන් සියලු පුජාවන් පිළිගන්නා සේක්වා !
පහන් පුජාව
සිත්දතෙලප් පදිත්තේන – දීපෙන තම ධංසිනා
තිලොක දීපං සම්බුද්ධං - පුජයාමි තමොනුදං
සුවඳතෙලින් දැල්වු,අදුර දුරලන්නා වු මේ පහනින් තුන් ලොවට පහනක් වු, මෝහාන්ධකාරය දුරැලු බුදුරජාණන් වහන්සේ පුදමි !
සුවඳ පුජාව
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනාහං ගන්ධෙන - පුජයාමි තථාගතං
සුවඳවත් කයක් හා ශ්‍රී මුඛයක්ද ඇති අනන්ත වු ගුණ සුවන් සුවඳවත් වු තථාගත බුදුරජාණන් වහන්සේ මෙම සුවන් පුජා කරමි. පුජා වේවා !
පැන් හා දැහැටි පුජාව
සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභං
පානීය මෙතං භගවා - පතිගණ්හාතු මුත්තම
උතුම් භාග්‍යවතුන් වහන්ස සුවඳින් සුවඳවත් වු ද සිහිල් වු ද කැප වු ද පහන් මිහිරි පිවිතුරු මේ පැන් පිළිගනන්නා සේක්වා.
දැහැටි පූජාව
අධිවාසෙතු නො භන්තෙ - දන්ත කට්ඨෝදකං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තම ///
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස අපගේ ආරාධනාව ඉවසන සේක්වා. උත්තමයන් වහන්ස අප විසින් සකස් කල සියල්ලෙන් කැපවු උතුම් වු මේ දැහැටි හා මුව දෝවන පැන් අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා.
මල් පුජාව
වණ්ණ ගන්ධ ගුණෝපේතං - ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස - සිරීපාද සරෝරුහෙ
මනා වර්ණයෙන් හා සුගන්ධයෙන් යුත් මේ මල් සමූහයෙන් මුනීන්ද්රයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙහි පූජා කරමි.
පූජේමි බුද්ධං කුසුමෙන නෙන
පුඤ්ඤෙන මෙතෙන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදං මෙ
කායො තථායාති විනාස භාවං
මම මේ මලින් බුදුරජාණන් වහන්සේ පුදන්නෙමි. මේ පිනෙන් නිවන් ලබම්වා! මේ මල මැලවෙන්නාසේ මාගේ සිරුරද විනාශයට පත් වන්නේය.
බුද්ධ වන්දනාව
ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙනුදු අර්හත්ය, සම්මා සම්බුද්ධය, විද්‍යාචරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදුය, අනුත්තරය, පුරිස දම්ම සාරථිය, දෙවි මිනිසුන්ට අනුශාසකය, බුද්ධය, භාග්‍යවත්ය.
ධම්ම වන්දනාව
ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
මනාව දෙසන ලද ධර්ම තෙම සාන්දෘෂ්ටිකය, කල් නොයවා විපාක දෙන්නේය, එව බලව යැයි කීමට සුදුසුය, තමාගේ සිතෙහි පිහිටු වීමට සුදුසුය, තම තමන් කෙරෙහි ලා නුවණැත්තන් දැන ගත යුතුය.
සංඝ වන්දනාව
සුපටිපන්නො භගවතො සාවක සංඝො. උජුපටිපන්නො භගවතො සාවක සංඝො. ඤායපටිපන්නො භගවතො සාවක සංඝො. සාමීචිපටින්නො භගවතො සාවක සංඝො. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝො.ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණියො. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මනාව පිළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සෘජු වූ පිළිවෙතින් යුක්තය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් සඳහා පිළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ත්රිශික්ෂාවෙහි ගරු කිරීමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේ ය. යම් ඒ පුරුෂ යුගල වශයෙන් සතර කොටසක් වෙත් ද පුරිස පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙත් ද භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ දුරිනිඳු ගෙන හැර දිය යුතු ප්‍රත්‍යයට සුදුසුය, වෙනත් ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසුය, දක්ෂිණාවට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය, සියලු ලෝකයටම උතුම් වූ පින් කෙතකි.
චෛත්‍ය වන්දනාව
වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානෙසු පතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලං සදා ///
සියලු තැන්හි මනාකොට පිහිටියා වු සියලු ශාරීරික ධාතු සියලු චෛත්‍යයද සියලු බොධිරාජයන් වහන්සේලාටද සියලු බුද්ධ රූපයන්ටද සැම කල්හි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා.
කරණීය මෙත්ත සූත්‍රය

කරණීයමත්ථ කුසලේන - යන්තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූච සූජූච - සුවචෝ චස්ස මුදු අනතිමානී
ශාන්තපදය නම් වූ නිවනට ප්‍රතිවේධ වශයෙන් පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද දියුණුවෙහි දක්ෂයා විසින් එය කළ යුතුය. අවංක විය යුතුය. මැනවින්ම අවංක විය යුතුය. කීකරුවූවකු ද විය යුතුය මෘදු වූවකු ද විය යුතුය. උඩඟු නැත්තෙකු ද විය යුතුය
සන්තුස්සකෝච සුභරෝච - අප්පකිච්චෝච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝච නිපකෝච - අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
සතුටු වන්නෙකු ද විය යුතුය. සුවසේ පෝෂණය කළ හැකි ද විය යුතුය. අල්පවූ කටයුතු ඇත්තෙක්ද විය යුතුය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක්ද විය යුතුය. ශාන්ත වූ ඉන්ද්‍රියන් ඇත්තෙකුද විය යුතුය. තැනට නිසි නුවණ ඇත්තෙකුද විය යුතුය. ගොරෝසුකම් නැත්තෙක්ද විය යුතුය. කුලයන් කෙරෙහි නොඇලෙන්නෙකුද විය යුතුය.
නච ඛුද්ධං සමාචරේ - කිඤ්චි යේන විඤ්ඤූපරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
යම් ක්‍රියාවක් කරණ කොට ගෙන නුවණැති යම් කෙනෙක් අපවාද කරත් ද එබඳු කුඩා හෝ වරදක් නො කටයුතුය. හැම සත්හුම කයිනුත් සුවැත්තෝ වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
යේ කේචි පාණ භූතත්ථී - තසා වා ථාවරා වා අනවසේසා
දිඝා වා යේ මහන්තා වා - මජ්ඣිමා රස්සකාණුක ථූලා
යම්කිසි ප්‍රාණීහු සමූහයක් වෙත්ද , කෙළෙස් ඇතිව තැති ලන්නා සුලු වූ සත්ත්වයෝ ද තැති ලන්නා ස්වභාවය නැති රහත්හූ ද දීර්ඝ සිරුරු ඇති සත්ත්වයෝ ද මහත් සිරුරු ඇති සත්වයෝ ද මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇති සත්ත්වයෝ ද කුරුවූ හා මිටිවූ සත්ත්වයෝ ද ඉතා සියුම් සත්ත්වයෝ ද ස්ථුල සත්ත්වයෝ ද,
දිට්ඨා වා යේව අද්දිට්ඨා - යේච දුරේ වසන්ති අවිදුරේ
භූතා වා සම්භවේසිවා - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
ඇසට පෙනෙන්නාවූ හා නොපෙනෙන්නාවූ සත්ත්වයෝ ද දුර සිටින්නා වූ හා ළඟ සිටින්නා වූ සත්ත්වයෝද ඉපදුනාවූ හා ඉපදෙන්නාවූ සත්ත්වයෝද ඒ සියලු සත්ත්වයෝ සුවපත් වූ සිතැත්තෝ වෙත්වා.
න පරෝ පරං නිකුබ්බේථ - නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා - නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය
එකෙක් අනෙකෙකු නොරවටන්නේය . අනෙකෙකුට අවමන් නොකරන්නේය හා වචනය පිළිබඳ විකෘතියෙන්ද මනෝ විකාරයෙන් ද එකෙක් අනෙකෙකුට දුකක් නොකැමති වන්නේය.
මාතා යථා නියංපුත්තං - ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු - මානසං භාවයේ අපරිමාණං
මවක යම් සේ තමාගෙන් ඇති වූ එකම පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් වුවත් රක්නේ ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වඩන්නේය.
මෙත්තං ච සබ්බලෝකස්මිං - මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච - අසම්බාධං අවේරං අසපත්තං
උඩ ද යට ද සරස ද සීමාවකුදු නැතිව අතරතුරවත් වෛර චේතනාවක් පහළවීමක් නැතිව , සතුරන් රහිතව සියලු ලෝක සත්ත්වයා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වඩන්නේ ය.
තිට්ඨං චරං නිසින්නෝ වා - සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අදිට්ඨෙය්ය - බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
සිටින්නේ හෝ ඇවිදින්නේ හෝ හිඳින්නේ හෝ නිදන්නේ හෝ නොනිද යම් තාක් කල් සිටිත් ද ඒ තාක් කල් මෛත්‍රී සහගත සිහිය වඩන්නේය. මෛත්‍රී විහරණය මේ බුද්ධ සාසනයෙහි ශ්‍රේෂඨ විහරණයකැයි ප්‍රකාශ කළ සේක.
දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා - දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්ය ගේධං - නහි ජාතු ගබ්භසෙය්යං පුනරේතී ති
මිසදිටු බවට නොපැමිණ සිල්වත් වූයේ , දර්ශනයෙන් යුක්ත වූයේ , වස්තු කාමයන්හි ගිජු බව දුරු කොට ඒකාන්තයෙන්ම නැවත මව් කුස විසීමට නොපැමිණෙන්නේය.
ඒතේන සච්ච වච්චේන සොත්ති මේ හෝතු සබ්බදා
ඒතේන සච්ච වච්චේන සොත්ති තේ හෝතු සබ්බදා //
මේ සත්‍ය වචනයේ ආනුභාව බලයෙන් මටද ඔබටද යහපතක්ම වේවා!
මෝර පිරිත - පූර්ව භාගය
උදේතයං චක්ඛුමා ඒක රාජා
හරිස්ස වණ්ණෝ පටවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං
ඇස් ඇති ඒක රාජ වූ රන් වන් වූ මහ පොළොව බබළවන්නා වූ මේ හිරු තෙම නැගෙයි. එහෙයින් ස්වර්ණ වර්ණ වූ පොළොව බබළවන තා වඳිමි. තා විසින් අප ආරක්ෂා කරන ලද්දේ මෙදවස සුවසේ වසමු.
යේ භ්රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්ථානං නමෝ විමුත්තියා
යම් ක්ෂීණක්ශ්රව බ්‍රාහ්මණ කෙනෙක් සියලු ඤේය ධර්මයන් සියලු ආකාරයෙන් දැන සම්‍යක් සම්බෝධියට පැමිණියෝද ඔවුන්ට මාගේ නමස්කාරය වේවා, ඒ භාග්‍යවත්හු ද මා ආරක්ෂා කෙරෙත්වා. පෙර බුදුවරුන්ට මාගේ නමස්කාරය වේවා. සතර මග සතර ඵල යැයි කියන ලද බෝධියට ද මාගේ නමස්කාරය වේවා. (තදංග විමුක්ති ආදී) පඤ්ච විමුක්තියන්ට මාගේ නමස්කාරය වේවා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා
ඒ මයුර තෙමේ මේ පිරිත ආරක්ෂා කොට ගෙන ආහාර සෙවීමෙහි හැසිරෙන්නේය.

කඳ පිරිත
විරෑපක්ඛේහි මේ මෙත්තං - මෙත්තං ඒරාපථේහි මේ
ජබ්යාපුත්තේහි මේ මෙත්තං - මෙත්තං කණ්හාගෝතමකේහි ච
මාගේ මෛත්‍රිය විරූපාක්ෂ නම් සර්ප කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය ඒරාපථ නම් සර්ප කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය ජබ්‍යාපුත්ත නම් සර්ප කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය කණ්හාගෝතමක නම් සර්ප කුලයන් සමග ය.
අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපාදකේහි මේ
චතුප්පදේහි මේ මෙත්තං - මෙත්තං බහුප්පදේහි මේ
මාගේ මෛත්‍රිය පා නැති දීර්ඝ ජාතීන් සමග ය මාගේ මෛත්‍රිය මනුෂ්‍යයන් හා පක්ෂීන් ආදී ද්විපාදිකයන් සමග ය මාගේ මෛත්‍රිය හස්ති අශ්වාදී චතුප්පාදිකයන් සමග ය මාගේ මෛත්‍රිය ගෝනුසු ආදී වූ බොහෝ පාද ඇත්තවුන් සමග ය.
මා මං අපාදකෝ හිංසි - මා මං හිංසි දිපාදකෝ
මා මං චතුප්පදෝ හිංසි - මා මං හිංසි බහුප්පදෝ
අපාදික සතෙක් මා නොපෙළාවා , ද්විපාදික සතෙක් මා නොපෙළාවා , චතුප්පාදික සතෙක් මා නොපෙළාවා , බහුප්පාදික සතෙක් මා නොපෙළාවා.
සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතාච කේවලා
සබ්බේ භද්‍රාණි පස්සන්තු - මාකඤ්චි පාපමාගමා
සියලු සත්හු ද සියලු ප්‍රාණීහු ද හුදෙක් සියලු භූතයෝ ද හැමදෙන යහපතක්ම දකිත්වා. කිසිවකුත් කරා දුකක් නොපැමිණේවා
අප්පමාණෝ බුද්ධෝ , අප්පමාණෝ ධම්මෝ , අප්පමාණෝ සංඝෝ , පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා සතපදී උන්නානාභි සරබූ මූසිකා , කතා මේ රක්ඛා කතා මේ පරිත්තා , පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.
බුද්ධ රත්නය ගුණ ප්‍රමාණ කළ නොහැකි හෙයින් අප්‍රමාණයි , ධම්ම රත්නය ගුණ ප්‍රමාණ කළ නොහැකි හෙයින් අප්‍රමාණයි , සංඝ රත්නය ගුණ ප්‍රමාණ කළ නොහැකි හෙයින් අප්‍රමාණයි. ප්‍රමාණකර ක්ලේශයෝගයන්ගෙන් යුත් වූ ද අප්‍රමාණ ගුණ නැති හෙයින් ප්‍රමාණ වූ ද සර්පයන්, ගෝනුස්සන්, පත්තෑයන්, මකුළුවන්, සිකනලුන්, මූසිකයන් යනාදීන් මවිසින් ආරක්ෂා කරන ලද්දාහ, පිරිත් කරන ලද්දාහ. භූතයෝ පහ වෙත්වා. මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි විපස්සී ආදී සත් බුදුවරුන්ට නමස්කාර කරමි.

සුගතො වාදය
අප්පමාදෙන භික්ඛවෙ සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණ සම්පත්ති
දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං
දුල්ලභො සප්පුරිස සංසෙවො
මහණෙනි ! බුදු සසුන ලොව දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ඉන්ද්රිය පරිපුර්ණ ණ සම්පත්තිය දුර්ලභය. ශාසන ප්‍රවුජ්‍යාව දුර්ලභය. න්යෛර්යාණික සද්ධර්මශ්රවණය දුර්ලභය. සත් පුරුෂ ආශ්‍රය දුර්ලභය. එසේ හෙයින් නොපමාව සිහි නුවණින් පිළිවෙත් සපුරව්.
ආරභථ නික්ඛමථ – යුඤ්ජථ බුද්ධ සාසනෙ
ධුනාථ මච්චුනොසෙනං - නළාගාරං ව කුඤ්ජරො
මේ බුදු සසුනේ පිළිවෙත් පිරීමෙහි ආරම්භ ධාතු වීර්යය කරව්. නික්ඛමධාතු වීර්යය කරව්. පරාක්රමධාතු වීර්යයෙන් යෙදෙව්. මහා හස්තිරාජයෙකු බටකොළ ගෙයක් සිඳ බිඳ දමන්නාක් මෙන් මර සෙනග පලවාහරිව්.
යො ඉමස්මිං ධම්ම විනයෙ - අප්පමත්තො විහෙස්සති
පහාය ජාති සංසාරං - දුක්ඛස්සන්තං කරිස්සති
යම් නුවණැත්තෙක් මේ බුදු සසුනෙහි නොපමාව වීර්යය කෙරේ නම් ජාති සංසාරය හැරදමා දුක් කෙළවර කොට නිවන් දකින්නේය.
භාවනා පූර්ව කෘත්‍යය

ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරුවූ හෙයින්ද, රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිඳලූ හෙයින්ද, ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන හෙයින්ද, රහසක් පවක් නැති අති පරිශුද්ධ සන්තාන ඇති හෙයින්ද අරිහත් නම් වන සේක. මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගතවූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා
සාධූ සාධූ සාධූ ..!
ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො ඒහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤඤූහීති.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් ජයසිරි මහ බෝ මැඩදී අවබෝධ කොට වදාළා වූ සපර්‍ය්‍යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යඤ්ජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිශුද්ධ ශාසන බ්‍රහ්මචරියාව ප්‍රකාශ වන බැවින් ද ස්වාක්ඛාත නම් වන සේක. මෙසේ ස්වාක්ඛාත ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා!
සාධූ සාධූ සාධූ ..!
සුපටිපන්නො භගවතො සාවක සංඝො. උජුපටිපන්නො භගවතො සාවක සංඝො. ඤායපටිපන්නො භගවතො සාවක සංඝො. සාමීචිපටින්නො භගවතො සාවක සංඝො. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතො සාවක සංඝො.ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණියො. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ සාවක පුත්‍ර භාවයට පැමිණියාවූ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය සම්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වන සේක. මෙසේ සුපටිපන්නාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මහා සංඝ රත්නය ට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා!
සාධූ සාධූ සාධූ ..!
පියෝච ගරු භාවනීයෝ - වත්තාච වචනෙක්ඛමො
ගම්භීරඤ්ච කථං කත්තා - නො චට්ඨානෙ නියොජයෙ
සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින්ම ගරු සම්භාවනීය වූ ද අවවාද අනුශාසනා දෙන්නා වූ ද නපුරු වචන ඉවසන සුළුවූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූ ද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූ ද කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා, මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා!
සාධූ සාධූ සාධූ ..!
ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මාගේ සිත කය වචනයෙන් සිදුවූ සියලු පමා වරදට බුද්ධ රත්නය මට සමාවන සේක්වා ර්ධම රත්නයද මට සමා වන සේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමා වන සේක්වා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමා වන සේක්වා
සාධූ සාධූ සාධූ ..!
සතර කමටහන්
මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගි වෙමි සුවපත් වෙමි මා මෙන් මාගේ හිත සත්වයෝද මැදහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝ ද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා මා මෙන් සියලු දෙවියෝ ද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා යහතින් අප රකිත්වා !!
මාගේ මෙම ශරීරය රන් රිදී මුතු මැණික් වෛදූර්ය ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කෙස් ලොම් නිය දත් සම් මස් ආදී අතිශයින් පිළිකුල් වූ පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සැදුනාවූ පිළිකුල් ශරීරයක් වේ ! පිළිකුල් ශරීරයක් වේ ! පිළිකුල් ශරීරයක් වේ !!
අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී - තෙසං වූප සමො සුඛොති
සංස්ඛාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය. ඉපිද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය. මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ! ජීවිතය අනියතයි මරණය නියතයි ! ජීවිතය අනියතයි මරණය නියතයි !!
අනිත්‍යවූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැරදමා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාල වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට පැමිණීම පිණිස මෙම භාවනාව හේතු වේවා වාසනා වේවා !!
සාධූ සාධූ සාධූ ..!
දෙවියන්ට ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම.
එත්තාවතාච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාතාච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
මෙතෙකින් අප විසින් රැස් කරන ලද පුණ්‍ය සම්පත්තිය සකල සම්පත් සිදුවීම පිණිස සියළු දෙවියෝද, සියළු භූතයෝද,සියළු සත්වයෝද අනුමෝදන් වෙත්වා!
ආකාසට්ඨාච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං

පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු සම්බුද්ධ දේසනං

පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු සම්බුද්ධ සාවකං . චිරං රක්ඛන්තු මං පරං
අහසෙහි විමන් හිද පොළොවෙහි වෘ පර්වතාදියෙහි අධිගෘහිත වුද , මහත් සෘද්ධි ඇති දෙවියෝද , බ්‍රහ්මයෝද පින් අනුමෝදන්ව සාසනයද , ධර්මයද , ශ්රාවකයන්ද , මාද අන්‍යයන්ද යහතින් බොහෝ කල් රකිත්වා.
කප්ප සත සහස්සානි - සෝලසාපි අසංඛියේ
සම්භරං බෝධි සම්භාරේ - ආගතෝ ජාති ජාති සු
නියතෝ බුද්ධ භාවාය - භද්දකප්පෙ ඉධන්තිමේ
බෝධි සත්ථොච මෙත්තෙය්යෙ - පුඤ්ඤං මේ අනුමෝදතු
සොලසාසංඛ්ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ජාතියක් ජාතියක් පාසා බෝධි සම්භාර ධර්ම රැස් කරමින් පැමිණියා වු, මෙම මහා භද්‍රකල්පයේ අන්තිම බුද්ධාන්තරයෙහි බුදුබව පිණිස නියත වු මෛත්‍රි බෝධිසත්වයන් වහන්සේද මාගේ පින අනුමෝදන් වෙත්වා.
අස්මිං විහාරේච ආරාමේ - අධිවත්තාච දේවතා
අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං - රක්ඛන්තු ජින සාසනං
මේ විහාරාරමයෙහි අධිගෘහිත දෙවියෝ මේ පින් අනුමෝදන්ව ජින සාසනය රකිත්වා
සබ්බේ සත්තාච මජ්ඣත්තා - හිතාච අහිතා ච මේ
අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං - බුජ්ධන්තු අමතං පදං
සියළු සත්වයෝ ද , මාගේ හිත සත්වයෝද , මධ්‍යස්ථයෝ ද ,අහිත සත්වයෝ ද මේ පින් අනුමෝදන්ව අමෘත පදය අවබෝධ කරත්වා.
ඉදං වෝ ඤාතිනං හෝතු - සුඛිතා හොන්තු ඤාතියෝ ///
මේ පින නෑයන්ට අත්වේවා! නෑයෝ ලොව්තුරා සුවයෙන් සුවපත් වේවා.
ඉමිනා පුඤ්ඤ කම්මෙන - මා මේ බාල සමාගමො
සතං සමාගමෝ හෝතු - යාව නිබ්බාන පත්තියා ///
නිවන් දකිනා ජාති දක්වා පස් පව් දස අකුසල් කරන බාලයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද පාප මිත්‍රයන්ගේ ද ආශ්‍රය කිසිවිටෙක නොලැබේවා. දානාදී පින්කම් කරන, සීලාදී අනන්ත ගුණ පුරණ, සමථ විදර්ශනා භාවනා වඩන බුද්ධාදී ආය මහෝත්තමයාණන් වහන්සේලාගේ ද නිවනට උපකාර කරන කල්‍යාණ මිත්‍රයන්ගේ ද ආශ්‍රය ලැබේවා.
ප්‍රතිපත්ති පුජාව
ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පුජේමි
ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පුජේමි
ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පුජේමි
අද්දා ඉමාය පටිපත්තියා ජාති ජරා මරණම්හා පරිමුච්චිස්සාමි
මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් බුද්ධ රත්නය , ධර්ම රත්නය , සංඝ රත්නය පුජා කරමි. ඒකාන්තයෙන් මෙම ප්‍රතිපත්තියෙන් ජාති , ජරා , මරණයෙන් අත මිදෙන්නට ලැබේවා.
තෙරුවන් කමා කරවා ගැනීම
කායේන වාචා චිත්තේන - පමාදේන මයා කතං
අච්චයං ඛම මේ භන්තෙ - භූරිපඤ්ඤ තථාගත
ස්වාමිනි මහා ප්‍රඥා තථාගතයන් වහන්ස! කයින් , වචනයෙන් සිතින් කරන ලද පමා වරදට මට මා වන සේක්වා!
කායේන වාචා චිත්තේන - පමාදේන මයා කතං
අච්චයං ඛම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
සාන්දෘෂ්ඨික අකාලික ශ්‍රී සද්ධර්මය කෙරෙහි කයින් , වචනයෙන් සිතින් කරන ලද පමා වරදට ධර්ම රත්නය මට මා වන සේක්වා!
කායේන වාචා චිත්තේන - පමාදේන මයා කතං
අච්චයං ඛම මේ සංඝ - පුඤ්ඤකඛෙත්ථං අනුත්තර
අනුත්තර දක්ෂිනාර්භ වු මහා සංඝ රත්නය කෙරෙහි කයින් වචනයෙන් සිතින් කරන ලද පමා වරදට , සංඝ රත්නය මට සමා වන සේක්වා!
සාදු සාදු සාදු !!!